දරු දෙදෙනා පාලම මත තබා බෙන්තොට ගඟට පැන්න කාන්තාව (ඡායාරූප)

බෙන්තොට පාලම මතින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සිය අවුරුදු එක හමාරක සහ අවුරුදු 10ක දරු දෙදෙනා බෙන්තොට පාලම මත තබා එම කාන්තාව මෙලෙස අද (26) පස්වරුවේ පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බෙන්තොට ගඟට පැන ඇති කාන්තාව බෝට්ටු සේවකයෙකු විසින් බේරාගෙන ඇති අතර, අනතුරුව ඇය සුවසැරිය ගිලන් රථයක් මඟින් බෙන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ කාන්තාව අද (26) උදෑසන දරු දෙදෙනා ද සමඟ බලංගොඩ ප්‍රදේශයේ සිට ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිටින තම සැමියා හමුවීමට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණි කාන්තාවට සැමියා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ ආපසු යන ලෙසයි.

එම අවස්ථාවේ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටි බස් රථයෙන් බැස බෙන්තොට පාලම මතට පැමිණ දරුවන් දෙදෙනා පාලම මත තබා මෙලෙස ගඟට පැන ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

  1. U WENA GENIYEK THIYAGENA ATHI. DARU DENNA EKKA JEEWATH WENNA SALLI NATHI NISA SAHA U GEDARA ENA EKA MAGA HERALA INNA NISA ME GENU MANUSSAYA ENNA ATHI HOYAGENA. WENA KATA DUKA KIYANNA DHA? EYI BALLA LAMAYI DEELA AHAKA BALANA KOTA WENA MONAWA KARANNA DHA, DAN KOHOMATH UTA LAMAYI BARA GANNA WENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36