AFC Banner
Empty Ad
Empty Ad

දරු දෙදෙනා පාලම මත තබා බෙන්තොට ගඟට පැන්න කාන්තාව (ඡායාරූප)

බෙන්තොට පාලම මතින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සිය අවුරුදු එක හමාරක සහ අවුරුදු 10ක දරු දෙදෙනා බෙන්තොට පාලම මත තබා එම කාන්තාව මෙලෙස අද (26) පස්වරුවේ පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බෙන්තොට ගඟට පැන ඇති කාන්තාව බෝට්ටු සේවකයෙකු විසින් බේරාගෙන ඇති අතර, අනතුරුව ඇය සුවසැරිය ගිලන් රථයක් මඟින් බෙන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ කාන්තාව අද (26) උදෑසන දරු දෙදෙනා ද සමඟ බලංගොඩ ප්‍රදේශයේ සිට ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිටින තම සැමියා හමුවීමට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණි කාන්තාවට සැමියා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ ආපසු යන ලෙසයි.

එම අවස්ථාවේ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටි බස් රථයෙන් බැස බෙන්තොට පාලම මතට පැමිණ දරුවන් දෙදෙනා පාලම මත තබා මෙලෙස ගඟට පැන ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?