ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

සංවර්ධන ආයතනවල සහාය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

මෙම හමුවට අසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ජාත්‍යන්තර මුල්‍ය ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් නියෝජනය කරන මෙරට ප්‍රධානීන් සහ ආයතන නියෝජිතයෝ සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කළ කමිටුවේ නියෝජිතයන් එක්ව සිටියා.

මානව සම්පත් කළමනාකරණය ඇතුළුව බලශක්ති සහ මූල්‍ය විගණනවල අරමුණු ඉටු කර ගැනීම සඳහා බලශක්ති, මූල්‍ය සහ නීති ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්ගේ සේවය ලබා ගැනීම සඳහා මෙහිදී ශ්‍රී ලංකාව සංවර්ධන ආයතනවලින් තාක්ෂණික සහ මූල්‍ය ආධාර ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.

මිලදී ගැනීමේ බල සමානාත්මතා ආකෘති, නීති කෙටුම්පත්, පර්යේෂණ කටයුතු, පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ඇතුළු කටයුතු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ඔහු කියාසිටියේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කරගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීම ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම සහය එම ආයතන සහ කණ්ඩායමක් ලෙස බෙදාගනිමින් සැපයීමට එකඟතාව පළවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14