ප්‍රබල දේශපාලනඥයෙක් මුදල් තොගයක් සමග අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ චෝදනා මත නයිජීරියාවේ ප්‍රබල දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහ මැතිවරණයට දිනකට පෙර ඩොලර් 498,100ක් (පවුම් 414,000) සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චින්යෙරේ ඉග්වේ නම් මෙම දේශපාලනඥයාගේ මෝටර් රථය තුළ තිබී ඇමෙරිකානු ඩොලර් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි සඳහන්.

එමෙන්ම එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ද මුදල් ලබාදිය යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සමඟ අත්අඩංගුවට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දේශපාලනඥයා අත්අඩංගුවට ගත් පොලිසිය, සියලු තරඟකරුවන්ගෙන් සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත්තේ මැතිවරණ පනතේ සහ අනෙකුත් අදාළ නීති විධිවිධානවලට දැඩි ලෙස අනුකූල වන ලෙසටයි.

පෝට් හාර්කවුට් හි දකුණු නගරයේ කොටසක් නියෝජනය කමින් මැතිවරණයට ඉදිරිපත් වූ මෙම දේශපාලනඥයා තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.

මීට පෙර මැතිවරණවලදී ද නයිජීරියානු දේශපාලනඥයන්ට ඡන්ද මිල දී ගැනීම් හරහා දූෂණ සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

නයිජීරියාව මෑතකදී නව මුදල් නෝට්ටු නිකුත් කර ඇති අතර, එමගින් ඡන්දදායකයින්ට අල්ලස් ලබා දීම සඳහා දේශපාලනඥයන්ට මුදල් රැස් කිරීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් තරම් නව නෝට්ටු සංසරණයේ නොමැති අතර, එය විශාල පිරිසක් අතර දැඩි කළකිරීමකට හේතුවී ඇති බව සඳහන්.

මුදල් ලබා ගැනීම සඳහා ජනතාව පැය ගණන් බැංකුවලින් පිටත පෝලිම් ගැසී ඇති අතර එම උත්සාහයන් ද බොහෝ විට සාර්ථක වී නැහැ. ඇතැම් කලහකාරී පුද්ගලයන් බැංකුවලට පහර දීමේ සිදුවීම් ද වාර්තා වනවා.

නයිජීරියානුවන්ගෙන් 40% කට පමණ බැංකු ගිණුම් නොමැති අතර එම නිසා ආහාර මිලදී ගැනීමට සහ අනෙකුත් එදිනෙදා භාවිතයන් සඳහා අත්පිට මුදල් මත විශ්වාසය තබනවා.

1999 මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු මෙවර පැවැත්වෙන මැතිවරණය වඩාත් තරඟකාරී වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, අපේක්ෂකයින් තිදෙනෙකු – PDP හි Atiku Abubakar, Labour පක්ෂයේ Peter Obi සහ පාලක APC හි Bola Tinubu – අතර දැඩි තරඟයක් පවතිනු ඇති බවටයි සැලකෙන්නේ.

නයිජීරියාවේ මැතිවරණ කොමිසමේ ප්‍රධානියා පවසා ඇත්තේ සෙනසුරාදා ඡන්ද විමසීම සඳහා බලධාරීන් සූදානම් බවයි.

ඊසානදිග ඉස්ලාමීය කැරැල්ලකට, රටපුරා පැහැරගැනීම්, කප්පම් ගැනීම් මෙන්ම ගිනිකොන දෙසින් බෙදුම්වාදී කැරැල්ලකට මුහුණ දී සිටින රටේ ඇතැම් ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලක් මතු වී තිබෙනවා.

විපක්ෂ කම්කරු පක්ෂයේ සෙනෙට් සභික අපේක්ෂකයෙකු වන Oyibo Chukwu ඊයේ ගිනිකොනදිග Enugu ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යමින් සිටියදී ඝාතනය කර තිබුණා.

මෙම ඝාතන සම්බන්ධයෙන් Ipob නම් බෙදුම්වාදී කණ්ඩායමටයි පොලිසිය චෝදනා කර ඇත්තේ.

අසල්වැසි රටවල පුද්ගලයින් හොර ඡන්ද ප්‍රකාශ කිරීමේ උත්සාහයන් කිරීම නතර කිරීම සඳහා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් සියලුම ගොඩබිම් මායිම් වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබෙනවා.

මිලියන 93කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇති තිබෙනවා. මිලියන හයකට ආසන්න ජනතාවකට ඔවුන්ගේ ඡන්ද කාඩ්පත් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර එම නිසා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26