ව්‍යාපාරික ගැටලු සොයා බලමින් ජනපති හික්කඩුව නගරයේ සංචාරයක

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමින්.

සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්වුණා.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

වසරකට සංචාරකයින් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රි ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බවයි.

පසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරයක නිරත වු ජනාධිපතිවරයා එහි ව්‍යාපාරිකයින් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද ගොඩවැඳුණු ජනාධිපතිවරයා එම ව්‍යාපාර කටයුතු පිළිබඳ විමසා බැලු අතර එහිදී ව්‍යාපාරිකයන්ගෙන් ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා.

ජනාධිපතිවරයෙකු මෙලෙස තම ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් ගැටලු සොයා බැලීම සිදු කළේ පළමු වතාවට බව පැවසූ ඔවුහු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළා.

මේ අතර හික්කඩුව නගරයට රැස්ව සිටී ජනතාවගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49