තමා COPF සභාපති ධූරයෙන් ඉවත් කළ බව හර්ෂ කියයි

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති ධූරයෙන් තමන් ඉවත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ විපක්ෂය විසින් එම තනතුර සඳහා තම නම යෝජනා කර තිබූ අතර එම පත් කිරීම ද දින දෙකකට පෙර අනුමත වූ බවයි.

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස අද රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කර ඇති බව හර්ෂ ද සිල්වා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා. .

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන අතර තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහු පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තමාගේ පත්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කළා.

පසුගිය අඟහරුවාදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළේ තමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස පත් කළ බවයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විවිධ හේතු දක්වමින් තමාගේ පත්වීම පිළිබඳ නිල ප්‍රකාශය නිකුත් කිරීම ප්‍රමාද කරන බවට එදිනම ඔහු චෝදනා කරනු ලැබුවා.

Harsha de Silva Twitter
පසුගිය 21 වනදා මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ ට්විටර් සටහන පහතින්
Harsha Twiter 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48