පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු සියදිවි නසාගනී

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ මළසිරුර, ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එම සම්බන්ධය නතර කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

විශ්වවිද්‍යාලයට යාමට පහසු වන පරිදි සිසුවාගේ ඔහුගේ පියා විසින් පන්නිපිටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ නවතා ඇති අතර මෙම සිද්ධිය වී ඇත්තේ ඔහු රැඳී සිටි එම නිවසේ කාමරයේ දීයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් සිය ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ යොමුකර, තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා ඇතැයි සඳහන්.

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
01:33:21
Video thumbnail
හැමෝම බලාසිටි පුවත මෙන්න - PTA එක අහෝසි වෙනවා
03:05
Video thumbnail
මේ ආණ්ඩුව බලය රැකගන්න PTA එක පාවිච්චි කරනවා
06:53
Video thumbnail
මංචු දෙකත් අතට දාගෙන හොල්ල හොල්ල ගිය සරණ - හිනාවකුත් දාගෙන බස් එකට නැග්ග හැටි
02:44
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
01:04
Video thumbnail
"දොරක් තිබුණනම් කට්ටියට බේරෙන්න තිබුණා" - තිදෙනෙකු එළොව යැවූ ගින්න හටගත් ස්ථානයේ නවතම දර්ශන
02:06
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව වරකාපොළ මන්ත්‍රීවරුත් පාරට බහී
02:03
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12