ලක්ෂ 70 ක කප්පම වැරදී පස් දෙනෙකු පොලිසියට කොටුවෙයි

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 70 ක කප්පමක් ලබා ගත් 05 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබු ලක්ෂ 70 ක මුදලද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

ඉකුත් 10 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවී ඇති අතර ඊට සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුවන් මරදාන,මට්ටක්කුලිය, වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචි කරුවන් වන බව පොලසිය පැවසුවා.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.