නිධන් හෑරූ හිමිනමක් ඇතුලු 8ක් අත්අඩංගුවට

කරුවලගස්වැව මෙගොඩවැව ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි හිමිනමක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අද (19) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් සහ තවත් පිරිසක්.

එම සැකකරුවන්ගෙන් 4 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් තුන් දෙනා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 22ත් 48ත් අතර පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් ඊයේ (18) රාත්‍රී මෙගොඩවැව ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි නිවසක් පිටුපස පිහිටි ගල්තලාවක මෙම නිධානය හාර ඇති බව සඳහන්.

අද (19) උදෑසන වන විටත් හිමිනම ඇතුළු පිරිස නිධානය හාරමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ වන විට සැකකරුවන් අඩි 5ක් පමණ ගැඹුරට පොළොව හාරා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී නිධන් හෑරීමට භාවිතා කළ උදළු දෙකක්, යකඩ ඉණි දෙකක්, ඇතුළු භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට (20) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48