පදක්කම් රැසක් දිනූ ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

බටහිර බෙංගාලයේ පැවති 42 වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම මෙරටට ළගාවී තිබෙනවා.

මිඩ්නාපූර් හි පැවති 42 වැනි ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලිය – 2023 සදහා සහභාගී වී රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගී වී සිටියා.

තරගාවලිය බටහිර බෙන්ගාලයේ මිඩ්නාපූර් හි දී ඉකුත් පසුගිය 10 වනදා සිට 12 වනදා දක්වා පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම කණ්ඩායම එහිදී ජවන ඉසව්වලදී මෙන්ම පිටියේ ඉසව්වලදීත් එකසේ දස්කම් දක්වා තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස මෙම ජයග්‍රහණ ද රැගෙන අද අලුයම 01.55 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ AI- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී අදහස් දැක්වූ මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිස කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කළේ බෙංගාල ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා සමාජයේ සභාපති අමල් මිෂ්රා මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ නවාතැන් පහසුකම් සහ ආහාරපාන ආදිය පිළිබඳව විශේෂ උනන්දුවකින් සොයා බැලූ බවයි.

එමෙන්ම මෙම කණ්ඩායම තම පෞද්ගලික මුදල් වැය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ අතර, තමන්ට ශ්‍රී ලංකා රජය හෝ වෙනත් මළළ ක්‍රීඩා සංගමයක් මගින් හෝ ආධාර උපකාර කරන්නේ නම් මෙයට වඩා පහසුවෙන් ජයග්‍රහණ ශ්‍රී ලංකාවට අත් කර දිය හැකි බව ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27