ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන ශිෂ්‍යත්වවලට අදාළ තොරතුරු නිකුත් කෙරේ

ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන විවිධ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

2023/24 අධ්‍යයන වර්ෂය සඳහා නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පශ්චාත් උපාධි (PhD) ශිෂ්‍යත්ව 05ක් පිරිනමා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දීය රජය 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය/නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පශ්චාත් උපාධි (මාස්ටර්) ශිෂ්‍යත්ව 55ක් ද පිරිනමා තිබෙනවා.

මේ අතර, 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා නේරු අනුස්මරණ/රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධි අපේක්ෂක ශිෂ්‍යත්ව 95ක් පිරිනමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයන් 200 කට ආසන්න පිරිසකට මෙලෙස පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව හිමිවන අතර කීර්තිමත් ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා මෙම අධ්‍යයන අවස්ථා හිමිවනවා.

කෙසේවෙතත් වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණ සහ නීති පාඨමාලා මේ සඳහා ඇතුළත් වන්නේ නැහැ.

මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට තම අයදුම්පත් ලබන මාර්තු මස 08 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන යෝජනා ක්‍රම:

1) නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: මෙම යෝජනා ක්‍රමය ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ වසම්වල උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා ආවරණය කරයි.

2) මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්ම පාඨමාලා සඳහා මනාප ඇති ශාස්ත්‍රපති උපාධි පාඨමාලා.

3) රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා, ඉංජිනේරු උපාධියක් සහ තාක්ෂණවේදී උපාධියක් කරා යොමු කරයි.

ඉහත සෑම යෝජනා ක්‍රමයක්ම පාඨමාලාවේ මුළු කාලය සඳහාම සම්පූර්ණ උපකාරක ගාස්තු, මාසික ආහාර දීමනාව සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදාන ද ආවරණය කෙරෙනවා.

මීට අමතරව, ඉන්දියාවේ ආසන්නතම ගමනාන්තයට ගුවන් ගාස්තු සහ රටේ විවිධ ප්‍රදේශවලට අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදානයක්, වෙනත් අමතර ප්‍රතිලාභ කිහිපයක් ද පිරිනැමෙනවා.

තෝරාගත් අපේක්ෂකයින්ට අදාළ විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් ද ලබා දෙනු ඇති.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ඉන්දියානු රජය දක්ෂ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් තෝරා ගැනීමට නියමිතයි.

අපේක්ෂකයින් තෝරා ගැනීම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිදු කෙරෙන අතර අමාත්‍යාංශයේ www.mohe.gov.lk වෙබ් අඩවියෙන් අවශ්‍ය විස්තර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම ශිෂ්‍යත්ව සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සුදුසුකම්, නිර්ණායක සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ හෝ අධ්‍යාපන අමාත්‍යාංශය අමතන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

අදාළ උපාධි සම්බන්ධ සියලු තොරතුරු පහතින්

Indian PhD

Indian Masters

Indian UG(Nehru & Rajiv)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?