මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 3ක් අතුරුදන්

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම තරුණයන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු බව සඳහන්.

ඔවුන් කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශවල පදිංචිව සිටි 17 හැවිරිදි සිසුන් තිදෙනෙක්.

ඔවුන් අද උදෑසන මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියකට සහභාගී වීමට පැමිණ සිටියදී යි දිය නෑමට ගොස් ඇත්තේ.

වැල්ලමඩම මුහුදේ නෑමට පැමිණෙන ලෙසට මෙම සිසුන් තිදෙනා මාතර කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකුට ද දුරකතනයෙන් දැනුම් දී ඇති ඔවුන් දෙදෙනා එම ස්ථානයට එන විට පාසල් සිසුන් තිදෙනාම මුහුදේ ගසා ගෙන ආකාරය දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

අතුරුදන් සිසුන් තිදෙනාගේ නිශ්චිත අනන්‍යතාවයක් මෙතෙක් හෙළිවී වී නැහැ.

වෙරලේ තිබී හමුවු ජංගම දුරකතන ඔස්සේ අතුරුදන් සිසුන් හඳුනා ගැනීමට මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36