Empty Ad
Empty Ad
 Empty Ad

ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා මාර්තු මස 2 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 24 වන තෙක් අධිකරණය විසින් ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නා.

ඉන් අනතුරුව ඊට අදාළ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ලබන 28 වනදා තෙක් පෙත්සම්කාර පාර්ශවයට කල් හිමි වුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවත් ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තුළින් පෙර ජනතාවට විශාල අගතියක් සිදු වන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය 2014 වසරේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව අනාවරණය වී ඇතැයි ආගමන විගමන පාලකවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඇය මෙරට ද්විත්ව පුරවැසිභාවය අයදුම් කළේ දැයි කරුණු අනාවරණය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස දෙවනදා පැවැත්වීමටයි අධිකරණය දින නියම කළේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියන් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍ය අර්චුන රාමනාදන්ට බඩු පැකට්
05:06
Video thumbnail
CIDයෙන් එළියට අපු පිල්ලෙයාන් මාධ්‍යට කිව්ව අමුතු කතාව
01:43
Video thumbnail
රුසියානු හමුදාවට ගිය ශ්‍රී ලංකික සෙබළෙකු යුක්‍රේන හමුදාවට කොටුවෙයි - අන්දෝලනාත්මක වීඩියෝ පටය එළියට
01:55
Video thumbnail
හොර රහසේ ජනාධිපති අත්සන් කරන්න යන දේ එළියට #anurakumaradissanayake #imf
09:13
Video thumbnail
මහින්ද මහත්තයා කිව්ව වගේ අපි දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ නෑ
03:42
Video thumbnail
ගෝඨාභයගෙයි - අනුරගෙයි වෙනස තිබ්බේ ජයමංගල ගාථාකිව්වේ නැති එක විතරයි
03:24
Video thumbnail
මාලිමාවෙන් හරි රට හදනවානම් කමක් නෑ
05:41
Video thumbnail
CIDයෙන් එළියට ආපු හරීන් සියල්ල හෙළි කරයි - ළඟදිම දවසක රනිලුත් CIDයට?
05:25
Video thumbnail
ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ් - වැරදි කරපු අය ලෑස්ති පිට ඉන්න
01:30
Video thumbnail
අයියෝ දෙවියනේ සැප වාහනයට විපතක් - අලාභය කොහොම දරාගන්නද?
00:59

?