විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව නඩු මගට යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි

තමාගේ අනුදැනුමකින් තොරව සහ නිසි ගණනය කිරීමක් නොමැතිව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, ගත් මෙම තීරණයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේ ද නිවැරදි ඝණපූර්ණයක් නොමැතිව බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

විදුලි බිල සංශෝධනය කරන ආකාරය විදුලි බල පනතේ පැහැදිළිව සඳහන්ව ඇති අතර 2008 වසරේ දී විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කළ බව ද සභාපතිවරයා සිහිපත් කළා.

අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු වන බැවින් ඒ සඳහා තීරණය කිරීම විදුලිබල මණ්ඩලයට නොහැකි අතර එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ කාර්යයක් බවයි ජනක රත්නායක කියාසිටියේ.

එමෙන්ම තමාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිඳු විරෝධයක් නොමැති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කාර්යාලයට මුද්‍රා තැබීම ඉතා හොඳ නියෝගයක් වන අතර එසේ නොවුයේ නම් තුන්වැනි පාර්ශවයක් සිය කාර්යාලයට කිසියම් දෙයක් දමා ඊට තමා හසුකිරීමට ද ඉඩ තිබූ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පෙන්වාදුන්නේ.

කාර්යාලය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන අතර රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යායේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22