මහේස්ත්‍රාත් නිල රිය කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඊට අමතරව සැකකරු එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැලණිය වනවාසල පාර පදිංචි 27 හැවිරිදි සැකකරුවෙක්.

කුලියාපිටිය මහේස්ත්‍රාත් වරයාට අයත්, පිළියන්දල මඩපාත ප්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවස කුලී පදනම මත ලබා දීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව එය ලබා ගන්නා මුවාවෙන් පැමිණ තිබූ සැකකරු මහේස්ත්‍රාත්වරයාව බැල්කනිය තුළ සිර කර නිල මෝටර් රථය කොල්ල කා පළා ගොස් තිබුණේ පසුගිය 11 වැනිදායි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ල කන ලද මෝටර් රථය හුණුපිටිය ප්‍රදේශයේ තිබියදී සොයා ගැනුණා.

අනතුරුව එම සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී කොල්ලකෑම්වලට යොදා ගත් වායු පිස්තෝල දෙකක්, උල් පිහි දෙකක්, රම්බෝ පිහියක්, වායු පිස්තෝලවලට යොදන යකඩ බෝල, විෂ දියරයක් සහිත බෝතලයක් මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පෑලියගොඩ ප්‍රදේශයේ දී විෂ දියරයක් මුහුණට ඉස පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 27ක ඩොලර් නෝට්ටු මංකොල්ලකෑම, බම්බලපිටියේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන වායු පිස්තෝලයක් මංකොල්ල කෑම, පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21