AFC Banner
Empty Ad
Empty Ad

තිදරු පියා මහ මඟදී ඝාතනය කළ දහසයේ යෞවනයෝ තිදෙනෙක් අල්ලයි

මාර්ගයේ ගමන් කිරීමේ දී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් එක්දරු පියෙකු ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන තරුණයින් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේ දී වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් අදාළ පුද්ගලයාට හෙල්මට්වලින් පහර දී තිබුණා.

එම පහරකෑමෙන් බරපතළ තුවාල ලබාසිටි පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාම හොරු අල්ලපු නැති එකට රොෂාන්ට හොඳටම තරහා යයි
Video thumbnail
ගේම ගහන දිලිත් JVP එකේ හිටපු ප්‍රබලයෝ ළඟට ගනී
12:11
Video thumbnail
හොරු කියලා චෝදනා කරපු ඔක්කෝටම අනුර තනතුරු දීලා - සජබෙන් චෝදනා
04:15
Video thumbnail
අරගලයෙන් බැට කෑ වසන්තා කළුතරින් පොහොට්ටුව ලකුණින් මැති සබයට
01:57
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ සුපිරි ඉඩමේ විදුලි රැහැන් විදුලිබල මණ්ඩලය ගලවා දමයි
05:51
Video thumbnail
පොහොට්ටුවෙන් එන්නේ උගත් අයද ඇහුවම ප්‍රසන්න දීපු උගත් උත්තරේ
01:38
Video thumbnail
ආණ්ඩුව කරන වැඩවලට සීලරතන හිමිට හොඳටම තදවෙයි
05:46
Video thumbnail
නාමල්ගේ බිරිඳ මැතිවරණයට එයි - කියපු කතාව මෙන්න
01:23
Video thumbnail
අනුර දිනපු ගමන් රට ගිය සාදු ගිහිං තියෙන්නේ බණක් කියන්න - ඒ නිසා වැරදි ප්‍රචාර යවන්න එපා
02:17
Video thumbnail
පොහොට්ටුවෙන් නාම යෝජනා ගන්න කට්ටිය පොරකන හැටි
06:27

?