තිදරු පියා මහ මඟදී ඝාතනය කළ දහසයේ යෞවනයෝ තිදෙනෙක් අල්ලයි

මාර්ගයේ ගමන් කිරීමේ දී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් එක්දරු පියෙකු ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන තරුණයින් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේ දී වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් අදාළ පුද්ගලයාට හෙල්මට්වලින් පහර දී තිබුණා.

එම පහරකෑමෙන් බරපතළ තුවාල ලබාසිටි පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි කුපිත වී ආණ්ඩුවේ සෙට් එකට සැරටම දෙසයි.."කඩේ යන්නේ නැතුව ඉන්න මහත්තයෝ"
06:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 19.02.2026
08:07:18
Video thumbnail
ග්‍රෙගරි වැවට වැ#ණ ගුවන් යානය ගැන ප්‍රබල හෙළිදරව්වක්..කඩා වැටීමට හේතුව නියමුවාගේ වැරැද්දක් ?
03:24
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ගින්න..සුළං නිසා ගින්න ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන අයුරු
01:06
Video thumbnail
ප්‍රබල ඝා#න රැසක් ගැන කියලා මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..තාජුඩීන්ගේ අල්ලයි වලිගේ
10:24
Video thumbnail
නතාෂා එදිරිසූරියට CID හිටපු ලොක්කෙක් උසාවියේදීම සොරි කියයි..මාව හිර භාරයට අරගෙන අදට දවස් 998ක්
02:00
Video thumbnail
නම TM උනාට මම MT..ගීතවල අයිතිය මට නෑ..නෛතික අයිතිය ඉල්ලා ගායක ගායිකාවන් නීති මඟට
08:42
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:15
Video thumbnail
ධනපති පන්තියට විදුලිබිල අඩුකරලා - දුප්පත් මිනිස්සුන්ට වැඩිකරලා
16:10


?