දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ නියෝගයක්

විමර්ශන කටයුතු සඳහා මරණයට පත් ව්‍යපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද (14) නියෝග කළා.

මියගිය දිනේෂ් ශාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව අධිකරණට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දිනේෂ් ශාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් ඇතුළු ප්‍රතිකාර කටයුතු සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

එම ප්‍රතිකාරවලට සම්බන්ධ සියලු වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මියගිය දිනේෂ් ශාෆ්ටර් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිකාර වලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා දිනේෂ් ශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ මොකෝ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන තිබෙන බව සඳහන් කළා.

එම ඡායාරූප සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

එම ඉල්ලීම ද පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තිබේ නම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි එම ආයතනවලට නියෝග කර සිටියා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත් ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගය නිකුත් කළා.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩු කරය ලබන 17 වනදා කැදවීමට නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26