AFC Banner
Empty Ad
Empty Ad

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අද (13) උදෑසන බස් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

මෙහිදී හෘදයාබාධය වැළඳුනු බස්රථ රියදුරා බස් රථය තුළදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) උදෑසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මින්නේරිය බස් නැවතුම්පොළෙන් පිටත් වූ එම බස් රථයේ රියදුරුට හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් රථය පාලනයන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන මින්නේරිය නගරයේ වෙළඳසැලකට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව හෘදයාබාධයක් වැළඳුනු බස්රථ රියදුරා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය නගරයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක පුද්ගලයෙක්.

https://youtu.be/dhPlmP-nJik
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?