ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අද (13) උදෑසන බස් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

මෙහිදී හෘදයාබාධය වැළඳුනු බස්රථ රියදුරා බස් රථය තුළදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) උදෑසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මින්නේරිය බස් නැවතුම්පොළෙන් පිටත් වූ එම බස් රථයේ රියදුරුට හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් රථය පාලනයන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන මින්නේරිය නගරයේ වෙළඳසැලකට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව හෘදයාබාධයක් වැළඳුනු බස්රථ රියදුරා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය නගරයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක පුද්ගලයෙක්.

https://youtu.be/dhPlmP-nJik
  1. වයස 75ක් වන පුද්ගලයකුට මගී බස් රථයක් දාවනය කිරීමට සිදුවීමද අවාසනාවන්ත තත්ත්වයකි.
    නිවන් සුව පතමි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12