භූ කම්පනයෙන් විනාශ වූ තුර්කියට සහ සිරියාවට උදව් කරන්න ලොව සුපිරි පාපන්දු තරු රැසක් එක්වෙයි

තුර්කි – සිරියා භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් සිය පදනම හරහා යුරෝ මිලියන 3.5ක මුදලක් පරිත්‍යාග කරන බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී නිවේදනය කර තිබෙනවා.

මේ අතර, ප්‍රංශ සුපිරි ක්‍රීඩක කයිලියන් ම්බාපේ විසින් විපතට පත් වූවන්ට ආධාර කිරීමේ අරමුණින් වෙන්දේසියක් සඳහා සිය අත්සන තබන ලද ජර්සියක් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙන්දේසිය වෙනුවෙන් මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් වන අර්ලින් හැලන්ඩ් සහ කෙවින් ඩි බෲයින් ද ඔවුන්ගේ ජර්සි පරිත්‍යාග කර ඇති අතර, රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් රැසක් ද මේ සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මෙම වෙන්දෙසියේ දී වැඩිම ලංසුව හිමි වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජර්සිය ඩොලර් 212,450ක මිලකට අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් පාපන්දු තරු රැසක් ද මෙම භූ කම්පනයෙන් විපතට පත්වූවන් සඳහා ආධාර උපකාර කිරීමට මැදිහත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර යුරෝපීය පාපන්දු සංගම් සංගමය ද පසුගිය සිකුරාදා තුර්කියේ සහ සිරියාවේ මානුෂීය මෙහෙයුම් සඳහා යුරෝ 200,000ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06