වාසනාව අඩු මුදලට දෙන්න හැදූ දෙදෙනා රිමාන්ඩ්

රුපියල් කෝටි 6කට අලෙවි කිරීමට සැලසුම් කළ වාලම්පුරියක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් හැටන් වැඩබලන දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

රුපියල් කෝටි 06කට අලෙවි කිරිමට තැත් කල වාලම්පුරියක් සමග එම සැකකකරුවන් දෙදෙනා ඊයේ අළුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් හැටන් ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගනු ලැබුවා.

රුපියල් කෝටි 20ක පමණ වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මෙම වාලම්පුරිය රුපියල් කෝටි 6කට විකිනිමට සුදානම් බවට යුද හමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා වැටලීම කර තිබුණා.

ඔහු මෙම වාලම්පුරිය මිලදී ගැනීමට යන අකාරයෙන් ගොස් කරන ලද වැටලීමකදි මෙම සැකකරුවන් සමග වාලම්පුරිය ඊයේ දින අළුයම 1 පමන හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායට යන මාර්ගය ඉදිරිපිටදී අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ හැටන් සහ උඩුපුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 36, 39 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

මේ අතර මඩකලපුව ප්‍රදේශයේදී වාලම්පූරි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මඩකලපුව රෝහල පාර ප්‍රදේශයේ වැටලීම සිදුකර තිබුණේ.

එහිදී වාලම්පූරි දෙකක් අලෙවි කිරීමට ළග තබාගෙන සිටි අයෙකු සහ ඊට සහාය දුන් අයෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව පොලිසියට භාරදී තිබුණා.

අවුරුදු 37 සහ 69 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා මඩකලපුව සහ චීන වරාය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52