කටානේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා මේවන විට පියවර ගනිමින් සිටින බවයි ගම්පහ සහ මිනුවන්ගොඩ ගිනි නිවීම් ඒකක කියාසිටියේ.

කටාන දිවුලපිටිය මාර්ගයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන කර්මාන්ත ශාලාවක මෙම ගින්න ආරම්භ වී ඇත්තේ අද අලුයම 4.45ට පමණයි.

අක්කර 18ක පමණ භූමි ප්‍රදේශයක පැතිර ඇති මෙම කර්මාන්ත ශාලාව පැය 24 පුරාම සේවා කටයුතු ක්‍රියාත්මක ආයතනයක්. අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාව කොහු ආශ්‍රිත මෙට්ට ඇතුලු නිෂ්පාදන සිදු කරන ස්ථානයක් බවයි.

අද අලුයම එහි හටගත් ගින්න සේවකයන් දැක ඇති අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගිනි නිවීම් ඒකක දැනුවත් කර තිබෙනවා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කටාන පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13