යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු අල්ලයි

යතුරුපැදි සොරකම් සහ වාහනවල පැති කණ්නාඩි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දහවල් ආදුරුප්පුවීදිය මධ්‍යම පාර ප්‍රදේශයේදී නතර කර තිබූ වෑන් රථයක් අසල සැක කටයුතු ලෙසට ගැවසෙමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී යි හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 940ක් සොයා ගැණුනේ.

අදාළ යතුරුපැදිය තවදුරටත් පරීක්ෂා කිරීමේදී එහි අසුන යට කුටිය තුල තිබී යතුරුපැදියකින් ගලවා ඉවත් කරන ලද අංක තහඩු දෙකක් සහ මෝටර් රථවලට අයත් පැති කණ්නාඩි දෙකක් මෙන්ම ඉස්කුරුප්පු නියන් දෙකක් ද හමුවී තිබෙනවා.

ඒ අනුවයි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම පුද්ගලයා රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔහු පැමිණි යතුරුපැදිය කඳාන ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවයි.

කඳාන, ගනේමුල්ල, මාලිගාවත්ත, රාගම හා ජාඇල පොලිස් වසම්වල යතුරුපැදි සොරකම් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති අතර වාහනවල පැති කණ්නාඩි ගලවා සොරකම් කිරීම සම්බන්ධයෙන් ද අනාවරණ වී තිබෙනවා.

වැලිසර, මීගමුව සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ මගින් විභාග වන නඩු කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට වරෙන්තු ද නිකුත් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආදුරුප්පුවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06