AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මළ සිරුරු භූමදානය කල් යයි – ජනශුන්‍ය භූමි අවශ්‍යයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද රැස්වී ඒ සඳහා පත් කර ඇති තාක්‍ෂණික කමිටුව ඊට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ. කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?