මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුලින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

පුරා දින දෙකක් තිස්සේ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගාමිණී අමරසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බවත් පසුව එය විධානයක් වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබුණා.

පසුව එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහෙත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මානව හිමිකම් කොමිසමට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් නොමැති බවයි.

එබැවින් අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34