ඉන්දු – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ දී ජඩේජාට චෝදනාවක් – ශර්මා සහ ජඩේජා හේතු පහදයි

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ (09) ආරම්භ වූ බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු දින නිමා වනවිට ඕස්ට්‍රේලියානු ඉනිම සුනු විසුණු කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා වෙත මේ වනවිට මාධ්‍ය හරහා චෝදනාවක් එල්ල වී තිබෙනවා.

පන්දුව තුළ යමක් තැවරූ බවටයි ජඩේජාට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් ජඩේජා පන්දුව තුළ යමක් තැවරූ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම් නායක රෝහිත් ශර්මා සහ ජඩේජා තරග තීරකවරයා වෙත කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී රෝහිත් ශර්මා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වෙත පවසා ඇත්තේ ජඩේජා පන්දු යවන අතෙහි ඇඟිල්ලක වූ වේදනාව වෙනුවෙන් වේදනා නාශක ක්‍රීම් විශේෂයක් භාවිත කළ බවයි.

කෙසේ වෙතත් පන්දුවෙහි ඔපය සහ හැසිරීම වෙනස් කිරීමේ අරමුණකින් ජඩේජා මෙය සැලසුම් සහගතව සිදුකළ බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජඩේජා ඔහුගේ දකුණු අතෙන් මොහොමඩ් සිරාජ්ගේ අත්ලෙහි පිටුපසින් තවරාගෙන තිබූ යම් ද්‍රව්‍යයක් ගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකියි.

ජඩේජා පන්දු යැවීමට පටන් ගැනීමට මොහොතකට පෙර මෙම ද්‍රව්‍යය ඔහුගේ වම් අතේ (ඔහුගේ පන්දු යවන අතේ) මෙම ද්‍රව්‍ය අතුල්ලමින් සිටින අයුරු එහි වැඩිදුරටත් දැකගත හැකි වනවා.

එම අවස්ථාවේ පන්දුව ඔහුගේ අතේ තිබුණද, එම දර්ශනවල කිසිම අවස්ථාවක ජඩේජා පන්දුව මතම කිසිවක් තවරන ආකාරය දක්නට ලැබෙන්නේ නැහැ.

ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කඩුලු 05 ක් ලකුණු 47 ක් තුළ බිඳහෙළමින් ජඩේජා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම සුනු විසුණු කිරීමට සමත්ය් වුණා.

ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණේ ආබාධයක් හේතුවෙන් දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව යළි පැමිණීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30