තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 19,000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 19,000 ඉක්මවා ගොස් තිබෙනවා.

නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැතිව වීම හමුවේ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට ද ජීවිත අහිමි වනු ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරන්නේ.

මේවන විට දෙරටින්ම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19300ක් බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ආධාර රැගත් එක්සත් ජාතීන්ගේ ලොරි හයක් තුර්කියේ සිට සිරියාවට දේශසීමාව හරහා ගොස් ඇති අතර එහි ජනතාවට ලැබුණු පළමු ජාත්‍යන්තර උපකාරය එයයි.

පළමු භූමිකම්පාවෙන් පැය 77 කට පසු, ගලවාගැනීමේ සේවකයින් විසින් 60 හැවිරිදි කාන්තාවක් මලත්‍යා හි මහල් නිවාසයක සුන්බුන් අතරින් බේරාගෙන තිබෙනවා.

එමෙන්ම භූමිකම්පාවෙන් පැය 79 කට පසු රුමේනියානු සහ පෝලන්ත ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් අවුරුදු දෙකක පිරිමි ළමයෙකු සුන්බුන් අතරින් ගොඩගත් බවයි තුර්කියේ මානුෂීය සහන පදනම සඳහන් කළේ.

මූලික ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවේචනවලට මුහුණ දීමෙන් පසු, බදාදා ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටි එර්ඩෝගන් පැවසුවේ මෙහෙයුම් දැන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර කිසිවෙකු ට නිවාස අහිමි නොවන බවට පොරොන්දු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?