පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 80672ක්

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 80672ක් තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂ 2529ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවයි.

දේශපාලන පක්ෂවල නාම යෝජනා 118ක් ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 45ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

2023 පළාත් පාලන මැතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 7530ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 7177ක් මැතිවරණයට තරග කරන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 6297ක් ඉදිරිපත්ව සිටිනවා.

මෙවර පළාත් පාලන මැතිවණ ඡන්ද විමසීම ලබන මාර්තු මස 9 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Candidates


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23