මැදිරිගිරිය පොදු ක්‍රීඩාංගණය තුළදී පුද්ගලයෙක් දිවි නසාගෙන

මැදිරිගිරිය නගරයේ පොදු ක්‍රීඩාංගණය තුළදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ (06) උදේ 11.55ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ.

37 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර, ඔහු පොළොන්නරුව, පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඇසුරු කළ කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ සිටින අයුරු දැක ඉන් සිත් තැවුලට පත්ව මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට පෙර මෙම පුද්ගලයා ලිපියක් ද ලියා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි මැදිරිගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05