සිව් වසරක් තිස්සේ සංවර්ධනය වන බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගය (ඡායාරූප)

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කෙරුණු බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර, බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ 2018 වසරේ ජූලි මාසයේදීයි.

ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගතකර තිබූ මුදල රුපියල් මිලියන 13.6ක්.

මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු වසර දෙකක් තුළ අවසන් කිරීමට නියමිත තිබූ අතර, මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කොට වසර හතරකට වැඩි කාලයක් ඉක්මව ගොස් ඇතත් මේ වන තෙක්ම එහි ඉදිකිරීම් අවසන් කර නොතිබීම කණගාටුවට කරුණක්.

මෙම මාර්ගයේ ජනතාවට ගමන් කළ හැකි පරිදි නඩත්තු කටයුතු කිරීමට මාර්ගය සංවර්ධ අධිකාරිය, අවස්ථා කිහිපයකදීම අයි රෝඩ් ව්‍යාපෘති නිළධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබුන ද එයට මේ වන තෙක් ඉඩ ලබාදීමක් සිදුකර නැහැ.

මේ අතර ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළාත් අධ්‍යක්ෂක (වැඩ බලන) ලෙස කටයුතු කරන එම්.එම්.ජී.කේ. මුහන්දිරම්ගෙන් මේ පිළිබදව කළ විමසීමක දී පැවසුවේ මෙවැන්නක්.

“මෙම මාර්ගයේ මුල්ම කොන්ත්‍රාත් සමාගමේ ඇති වූ ගැටලුවක් නිසා ඒ අය මාර්ගයේ වැඩ අතර මඟ දාලා යන්න ගියා. ඉන් පසුව නැවත වරක් දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කරමින් වෙනත් සමාගමකට මාර්ගයේ ඉදිකිරීම් කිරීමට භාරදුන්නා. ඔවුන් එහි වැඩ කටයුතු කරගෙන යන විටයි ආසියානු සංවර්ධන බැංකු ණය ලබාදීම නැවතුනේ. ඒ හේතුවත් එක්ක ඉදිකිරීම් සමාගමට ගෙවීම් කරන්න විදිහක් නැතිවුණා. ඒ හේතුවෙන් තමයි මේ මාර්ගයේ සංවර්ධනය නතර වුණේ. කොයි මොහොතේ හෝ මුදල් ලැබුනොත් අපි මාර්ගයේ වැඩ පටන්ගන්නවා.”

වගකිවයුතු බලධාරී කෙසේ පැවසුවත් මාර්ගයේ සංවර්ධන කටයුතු මෙලෙස අතර මඟ නවතා දැමීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන පුද්ගලයින්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

මෙම මාර්ගය භාවිත කරන මහජනතාව ඉල්ලා සිටින්නේ නතරකර ඇති සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කර මාර්ගය ගමනා ගමනයට පහසු ලෙස සකසා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58