නිදහස් සැමරුමට සමගාමීව යුද හමුදාවේ 7998කට උසස්වීම්

75 වන නිදහස් සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස් වීම් ලබාදී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මතයි යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 208 දෙනෙකු සහ සෙසුනිලයන් 7790කට මෙලෙස උසස්වීම් ලබාදී ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 78 දෙනෙකු මේජර් නිලයට උසස් කෙරුණා.

එමෙන්ම ලුතිතන් නිලයේ නිලධාරීන් 12 දෙනෙකු කපිතන් නිලයට ද, ලුතිතන් (උපා) නිලයේ නිලධාරීන් 9 දෙනෙකු කපිතන් (උපා) නිලයට සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 64 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස්වීම් ලබා තිබෙනවා.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 181 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 473 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 679 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1697 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1740 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 3020 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබුවා.

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් වන, නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රිගේඩියර් එල්.එස් බාලචන්ද්‍ර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.එම්.පී.පී දසනායක, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස – උතුර බ්‍රිගේඩියර් ඒ.සී.ඒ ද සොයිසා, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්.කේ.එන්.සී ජයවර්ධන, පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් අයි.ඒ.එන්.බී පෙරේරා, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.පී.ඒ පෙරේරා යන අයවළුන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලබා තිබෙනවා.

මේ අතර ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (3) යුද හමුදාපතිවරයා සුරතින් නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46