විදුලියට ජලය ප්‍රමාණවත් නොවන බව මහවැලි අධිකාරිය කියයි

ජලවිදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම්දී තිබෙනවා.

මහවැලි අධිකාරිය අද (03) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ජලාශවල ප්‍රමාණවත් තරම් ජලය නොමැති බව අධිකාරිය අනාවරණය කර තිබෙනවා.

දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බවයි මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සපයන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේදී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපළවලට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල විදුලි නිෂ්පාදනයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි අධිකාරිය සඳහන් කළේ.

ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල සියයට 73ක් ජලය පැවතුණ ද විදුලි නිෂ්පාදනය සඳහා එම ප්‍රමාණයෙන් සියයට 50ක් පමණක් යොදගත හැකි බව මහවැලි අධිකාරිය අමාත්‍යංශ ලේකම්වරයා වැඩි දුරටත් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?