පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

2023 වසර වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනවල සැලැස්ම හා එම කටයුතු අධීක්ෂණය කර පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් රටවල් සමඟ එම වැඩපිළිවෙළ හුවමාරු කර ගැනීමට මෙහී දී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ආසියා හා පැසිපික් කලාපයේ යොවුන් පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා මූලිකත්වය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අවස්ථාව ලබාදීම පිළිබඳ මහ ලේකම්වරිය සාකච්ඡා කර ඇතැයි සඳහන්.

පාසල් ළමුන් අතර බෝ නොවන රෝග පාලනය කිරීම උදෙසා පාසල් කාල සීමාව තුළ හෝ ඉන් පසුව ක්‍රීඩා හෝ ශාරීරික සුවතා ව්‍යායාම සඳහා යොමු කිරීමට ද සාකච්ඡා කර ඇති අතර සියලුම පාසල් ළමුන් සඳහා එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යය කිරීමත්, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් මෙහි දී අවධානය යොමුව තිබෙනවා.

ක්‍රීඩා හා තරුණ කටයුතු වර්ධනය කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව උදෙසා අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

තරුණයින් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත්, තරුණ කටයුතු හා ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත් මහ ලේකම්වරිය කැමැත්ත පළ කර ඇති අතර පාසල් හැර ගිය ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමට වැඩසටහන් ආරම්භ කිරීමත්, ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා තරුණ ප්‍රජාවට අවශ්‍ය පාරිසරික හා ආර්ථිකමය වාතාවරණයක් ගොඩනැගීමට අදාළව සහ දකුණු සහ අග්නිදිග ආසියානු තරුණයින් සඳහා කතිකාවතක් ගොඩනැගීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවන් ඔලිම්පික් සම්මේලනය මඟින් ක්‍රියාත්මක වන අතර එහි දී ඇතිවන ගැටලු අවම කර ගැනීම උදෙසා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම පිළිබදව සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06