කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් – කාන්තාවකුත් සම්බන්ධයි

අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (02) දහවල් සොයාගත් ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක් හිමි ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිඩ් කාඩ් පත් 04ක් අතුරුදන්ව ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනය ද අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිඩ් කාඩ් පත් මඟින් ගුවන් ටිකට් පත් 05ක් ද වෙන් කරගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ,එමන්ම ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 05ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

තොරතුරුවලට අනුව පොලීසිය සැකපළකරන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවක් සම්බන්ධ වී ඇති බවටයි.

එසේම ඝාතකයන් මේ වනවිට රටින් පළාගොස් ඇති බවට පොලිසි වැඩිදුරටත් සැක පළකරනවා.

දින 03ක සිට අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර නිවෙසක තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබිය දී ඊයේ (2) සවස සොයා ගත්තා.

එය සොයාගන්නා අවස්ථාවේ දීත් සිරුර හඳුනාගැනීමට නොහැකි පිරිදි ඉදිමී තිබූ බවයි දැන ගන්නට ලැබුණේ.

මේ අතර අදාළ මළ සිරුර හමුවූ නාන තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන තිබුණා.

හිසට පහරදී ඝාතනය කර අනතුරුව නිරුවත් මළ සිරුර ඇදගෙන විත් නාන තටාකයට දමා ඇති බවටයි සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ.

මේ අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී උපත් පාලන කොපු කිහිපයක් ද හමුව ඇති අතර ඉන් එකක් භාවිතයට ගෙන ඇති බව ද මූලික විමර්ශනයේ දී හෙළිව තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරන එම නිවසේ ආරක්ෂිත කැමරා සවිකර නොමැති බැවින් ඒ අසළ වෙනත් ගොඩනැගිලිවලආරක්ෂිත කැමරා සහ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51