අමුද්‍රව්‍ය ලෙස තවදුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට ජනාධිපතිට වාර්තාවක්

ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව මගින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2022 ඔක්තෝබර් 09 අදාළ කමිටුව පත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම කමිටුව මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අතිරික්ත රබර් ආනයනය ශීඝ්‍රයෙන් පහළ වැටීමට ලක්වුණා.

2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව රබර් ආනයනය 93%කින් පහළ වැටුණු අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 39%කින් ඉහළ ගියා.

මෙම කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙමින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර විටින් විට මතු වූ තත්ත්වයන්ට පිළියම් යොදමින් දේශීය රබර් වගාකරුවා ආරක්ෂා කිරීමටයි පියවර ගත්තේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම විශේෂ කමිටු රැස්වීමේ දී තවදුරටත් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව සහ රහිතව රබර් ආනයන කරන ආකාරයන් කිහිපයක් පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන් ම ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදු කරන බවටයි මෙහිදී තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මෙම කරුණු පිළිබඳ වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26