ඉන්දීය සුපිරි කෝටිපති ව්‍යාපාරික අම්බානිගේ නිවස අසළ බෝම්බ පිරවූ රථයක්

ඉන්දීයාවේ ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ නිවස අසල අත්හැර දමා තිබූ මෝටර් රථයක තිබී අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් හමු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෝම්බය පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බවට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පවසා ඇති අතර මෙයට සම්බන්ධ අයව වහා හෙළිවනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබේ. පොලීසිය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී මෙලෙස අත්හැර දමා තිබූ මෝටර් රථයක් හමු වී ඇති අතර ඔවුන් විසින් ඉන්දීය බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර ඇත. මෙහි දී මෝටර් රථය පරික්ෂා කිරීමේ දී බෝම්බයක් නිර්මාණය කිරීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ අදාළ ද්‍රව්‍ය හමු වී ඇති අතර එය බෝම්බයක් ලෙස සකස් නොකර තිබූ බව ද පොලීසිය විසින් පවසා තිබේ.

එම ස්ථානයේ මේ වන විටත් දැඩි ආරක්ෂාවක් පනවා ඇති බව ද වාර්තා වෙයි. ඉන්දීය සුපිරි බිලියනපති මුකේෂ් අම්බානිගේ නිවස පිහිටා ඇත්තේ මුම්බායි නගරයේ සුපිරි ධනවතුන් සහ ඉහළ පෙළේ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක වන අතර ඔහුගේ නිවස ලෝකයේ සුපිරි පෙළේ නිවස්වලින් එකක්ද වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20