AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයේ බස් රථ අනතුරකින් 40කට වැඩි පිරිසක් මරුට

පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ පාලමකින් බස් රථයක් පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථය පාලම මත කණුවක වැදී පාලමෙන් ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති අතර මියගිය පුද්ගලයන් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් තුන් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 48 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

පකිස්ථානයේ දරුණු මාර්ග අනතුරුවලට හේතු අතරින් නොසැලකිලිමත් රිය ධාවනය මුලික වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මගී ප්‍රවාහන බස් රථ නිතරම ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යන අතර ආසන පටි පැළඳීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, 2018 වසරේ දී පමණක් පකිස්ථානයේ මාර්ගවල අනතුරුවලින් 27,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?