තර්ජන එල්ලවූ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නිවෙස්වලට පොලිස් ආරක්ෂාව

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දුරකතනයෙන් එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ එකම දුරකතන අංකයකින් මෙම තර්ජන එල්ලවී ඇතැයි අනාවරණ වී ඇති බවයි.

එය ගාල්ල ප්‍රදේශයේ ලිපිනයක් සහිත දුරකතනයක් බවට වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ එම ලිපිනයේ සිටි පුද්ගලයා විදෙස්ගත වී ඇති බවටයි.

එමෙන්ම ඔහුට ඒ සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.

මීට අමතරව පරීක්ෂණ සිදු කරනු ලබන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ලැබෙන තර්ජනාත්මක ඇමතුම් විදෙස් රටක සිට ලැබෙන බවයි.

ඒ අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මෙන්ම දුරකතන සමාගම් සම්බන්ධ කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේවෙතත් දුරකතන ඇමතුම් ලබාදුන් පුද්ගලයෙකු හෝ දුරකතනය භාවිත කරන අයෙක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව හෙළි වී නැහැ.

මෙම තර්ජන හේතුවේන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේ නිවෙස්වලට ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි ද නිහාල් තල්දූව මහතා කියාසිටියා.

පරීක්ෂණවලදී වට්ස්ඇප් හරහා සිදුවන තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම ජාත්‍යන්තරව සිදු කළ යුතු කටයුත්තක් බැවින් එය යම් තරමක ප්‍රමාදයක් සිදුවන කටයුත්තක් බව ද නිහාල් තල්දූව මහතා පැහැදිළි කළා.

මෙම තර්ජනය කිරීම් සිදුකර ඇත්තේ එකම දුරකතනයකින් බවට අනාවරණ වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56