විදුලිසැර වැදීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේදී ඊයේ උදෑසන මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි හමුදා සෙබළෙක්.

ඔහු මෙම ප්‍රදේශයේ යුද හමුදා නිවාසවල ආරක්ෂක රාජකාරීවල යෙදී සිටියදී විදුලි රැහැනක් ඇදීමට උත්සාහ කිරීමේදී විදුලිසැර වැදී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බ්නධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර උඩුදුම්බර නමදගල ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා.

ඔහු නමදගල ප්‍රදේශයේම පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්.

වගා කටයුතු සිදු කර ඇති ඉඩමට කම්බියක් උපයෝගී කර ගනිමින් නිවසේ විදුලි පරිපථයෙන් විදුලි රැහැන් ඇදීමට උත්සාහ කිරීමේදී විදුලිසැර වැදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

උඩුදුම්බර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46