අභිනව අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනපති, අගමැති සහභාගීත්වයෙන්

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද (28) සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේ දී පැවැත් වෙනවා.

මෙහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සහ විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදු කෙරෙනු ඇති.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි.

අටමස්ථානාධිපති ධුරයෙහි වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ තේරී පත් වුණා.

1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලින් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

1968 මැයි 09 වැනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ 1975 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලබාගත් අතර, අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

1977 වසරේ සිට 1988 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේවා කටයුතු භාරව කටයුතු කළ උන්වහන්සේ, 1982 සිට 1997 වසර දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කළා.

ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ ලාංකේය ගීත සාහිත්‍ය සුපෝෂිත කළ විශිෂ්ට ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.

1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දරනු ලැබුවා.

1997 වසරේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූවා.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19