ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්

චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බවට චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවයි රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ.

අදාළ වාර්තාවේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත චීනය අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවටයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 29ක ණය ලබා ගැනීමට ද චීනය සහාය ලබාදෙන බව ප්‍රකාශකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ කලාපීය ප්‍රතිවාදීන් වන චීනය සහ ඉන්දියාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මිලියන 22ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන් වන බවයි.

“ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාව ගැන හැඟෙන අතර ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට අපට හැකි උපරිමයෙන් උදව් කරමින් සිටී” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය රොයිටර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බවටයි වාර්තා වන්නේ.

ඉන්දියාව මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවන නමුත් IMF සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහාය ද අවශ්‍ය බවයි.

2020 වසර අවසානයේදී, චීනයේ EXIM සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.83ක් ණයට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ණයවලින් 3.5%ක් බවටයි පසුගිය වසරේ මාර්තු මාසයේදී නිකුත් කරන ලද IMF වාර්තාවක දැක්වුණේ.

EXIM යනු ගෝලීය වශයෙන් රජයන් සහ ප්‍රධාන කර්මාන්ත සඳහා ණය ලබා දීම සඳහා බීජිං විසින් පැවරී ඇති ප්‍රතිපත්ති බැංකුවක්.

  1. CHINA WARN SRI LANKA NOT TO GO TO IMF INDIA OR JAPAN. SO THEY WANTED TO HELP US ACCORDING TO THEIR WAY. BUT WE REFUSED AND BOW TO THE OPPONENTS OF CHINA. DOES ANY ONE THINKS THEN CINA WILL OFFER US RELEIF AND RESTRUCTURE THEIR DUES, MADNESS.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21