ගම්පොළ බැංකුවකින් පැහැරගත් මුදල් තැන්පතු යන්ත්‍රයේ තිබූ මුදල හෙළිවෙයි

ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් පැහැරගෙන ගිය මුදල් තැන්පත් කරන යන්ත්‍රයේ තිබූ මුදල රුපියල් 7,646,700ක් බවට අනාවරණ වී තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම සිද්ධියට අදාළව මේවන විට පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරන බවයි.

අදාළ බැංකුවේ සී. සී. ටී. වී. දර්ශන ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශය මෙන්ම තාක්ෂණික සාක්ෂි ඔස්සේ මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළ්.

කොල්ලකෑම සිදුවූ ස්ථානයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් මෙන්ම අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

කොල්ලකරුවන් මෙම මුදල් තැන්පත් යන්ත්‍රය කොල්ලකෑමට භාවිත කළ වෑන් රථයේ රියදුරාගේ සාක්ෂි ද සටහන් කරගෙන ඇති අතර ඔහු අරණායක ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බව සඳහන්.

කුලී ගමනක් යන මුවාවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් රියදුරාගේ දෑත් බැඳ කොල්ලකෑම සඳහා වෑන් රථය යොදාගෙන තිබෙනවා. පසුව අදාළ වෑන් රථය සහ රියදුරා සොයා ගැණුනේ පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව අදාළ වෑන් රථය සොයාගෙන තිබුණා.

කොල්ලකරුවන් කුලී පදනම මත මෙම වෑන් රථය ලබාගෙන ඇති අතර වෑන් රථය තුලදීම තමාගේ අත්පා ගැටගසා කොල්ලකරුවන් වෙනත් වෑන් රථයකින් පළාගිය බවයි රියදුරා පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.

ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද (25) අලුයම එකට පමණ කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියාගේ හිසට ගිනි අවියක් තබා බියකර පුටුවක ගැටගසා මුදල් තැන්පත් යන්ත්‍රය රැගෙන පළා ගොස් තිබුණා.

මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගත් සැකකරුවන් නවීන වෑන් රථයකින් පළා ගොස් ඇති බවටයි පසුව හෙළිවූයේ.

ගම්පොල නගරයේ ඇති මෙම පෞද්ගලික බැංකුව සමඟ තවත් පෞද්ගලික බැංකු දෙකක් ද ඇති අතර එම බැංකු තුනේම ආරක්ෂක නිලධාරීන් මෙම කොල්ලකෑම සිදුවන අවස්ථාවේ රැඳී සිට තිබෙනවා.

බැංකුවේ ඉදිරිපසට පැමිණ ඇති වෑන් රථයක් එහි හරස් අතට නතර කර ATM යන්ත්‍ර ඇති ස්ථානයට පැමිණි ඇති මුහුණු වසාගත් සිව්දෙනකු එහි ආරක්ෂකයා ගේ හිසට ගිනි අවියක් එල්ල කර ඔහු ගැට ගසා ඇතැයි සඳහන්.

අනතුරුව බිම සවි කර ඇති මුදල් තැන්පත් යන්ත්‍රය සොලවා ගලවාගෙන ඇති කොල්ලකරුවන් එය ඔසවා වෑන් රථයට දමා පළා ගිය බවයි එම ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ.

පසුව ආරක්ෂක නිලධාරියා ගැටගසා තිබූ රැහැන් පට ගලවාගෙන බැංකුවේ හදිසි නලාව නඩකර වෑන් රථයේ අංකය ද ලියා ගෙන තිබෙනවා.

සයිරන් නළා හඬත් සමගයි බැංකුව ආසන්නයේ ඇති ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

සැකකරුවන් කිසිවෙකුත් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ. කොල්ලකරුවන් වෑන් රථය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කැබ් රථ සේවා සපයන ස්ථානයකින් බවටයි අනාවරණ වී ඇත්තේ.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18