මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට

මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.

ඒ උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා යි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්තිට සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපතිවරයාට අද මෙලෙස කැඳවීම් කර තිබුණ ද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණි නොසිටි බවයි වාර්තා වන්නේ.

දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධා වන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බැවින්, 23 වන දින සිට පෙබරවාරි 17 දින දක්වා විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා යවා තිබුණේ.

එහෙත් ඒ පිළිබඳ විදුලිබල අමාත්‍යංශය සහ මහජන උපයෝගීතා කොමිසම කිසිදු පියවරක් ගෙන නොමැති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ.

ඒ අනුව ඊට අදාළව පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට දන්වා යවා තිබුණා.

මානව හිමිකම් කොමිසමට පැමිණි ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ විභාගය පැවැත්වෙන දිනවල විදුලි කප්පාදුවක් සිදුවීම තුලින් මානව හිමිකම් කඩවීමක් සිදුවන බවයි.

මෙවැනි කොමිසමකට පැමිණ පිළිතරු ලබාදීමේ හැකියාවක් ලේකම්වරයාට නොමැති බවට විශ්වාස කරන බව ද ජනක රත්නායක ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51