ශාෆ්ටර්ගේ මරණයේ සාක්ෂි කැඳවීම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළ හේතුව මහේස්ත්‍රාත්වරිය පහදයි

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළා.

අදාළ පරීක්ෂණය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියා.

මෙම මරණයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදු කරන ලෙස මියගිය අයගේ පාර්ශවයෙන් ද ඉල්ලීමක් ලැබුණු බව මහේස්ත්‍රාත්වරිය පැවසූවා.

ඒ, නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිය නිල කාමරය තුළ පැවත්වීමට තීන්දු කළ බවත් ඇය මෙහිදී කියා සිටියා.

එමෙන්ම දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළ විමර්ශන වලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය අද සඳහන් කළ අතර, මෙම මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සිදු කෙරුණු අතර එහි දී මියගිය ශාෆ්ටර්ගේ සොහොයුරා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 08 වනදා දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?