AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ හම්බන්තොට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින අභිසාරී සුළං කලාපය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසි බර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති්විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?