වසා දැමීමට සූදානම් බව කියූ පාසලක් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

මට්ටක්කුලිය තොටවත්ත මෙතෝදිස්ත විදුහල වසා දැමීමේ සූදානමක් පිළිබඳ පළවූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කොළඹ උතුර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සහ අදාළ විදුහලේ විදුහල්පති යන පාර්ශවයන් කැඳවා කරුණු විමසූ බවයි කොමිසම නිවේදනය කළේ.

එම කරුණු විමසීමේදී අනාවරණ වී ඇත්තේ සිසුන් සංඛ්‍යාව අවම මට්ටමක පැවතිය ද සිසුන්ගේ අධ්‍යාපන හිමිකම් සුරක්ෂිත කිරීමට බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

කිසිදු බාධාවකින් තොරව මේවන විට මෙම පාසලේ සිසුන්ට පාසල තුළම තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩකඩ පවතින අතර පාසල වසා දැමීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි නිලධාරීන් දැනුම්දී ඇත්තේ.

මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් තොටවත්ත මෙතෝදිස්ත විද්‍යාලය වෙත ගොස් දරුවන් අධ්‍යාපනය ලබන ආකාරය සහ පවතින පහසුකම් සම්බන්ධයෙන් ද සොයාබලා තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය වන මැදිහත්වීම සිදුකිරීමත් ඊට සම්බන්ධ පාර්ශවයන් හඳුනා ගැනීමත් එම ක්ෂේත්‍ර චාරිකාවේ අරමුණයි.

දරුවන්ගේ දෛනික පැමිණීම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන මැදිහත්වීම් සහ ඊට අදාළ වන්නා වූ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එහිදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පාසලේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත් මෙම පාසල බාධාවකින් තොරව මෙම ස්ථානයේ පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ මැදිහත්වීම් සම්බන්ධව අඛණ්ඩව සොයා බැලීමත් සිදුකරන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39