කම්කරු ඇමැති ඩුබායි රාජ්‍යයේ 5 දින නිල සංචාරයක

ශ්‍රී ලාංකිකයන් සඳහා ඩුබායිහි වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම සහ ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳා දීමේ අරමුණෙන් පස් දින නිල සංචාරයක් සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු මෙම සංචාරය තුළ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලේට් ජෙනරාල් කාර්යාලයේ රාජකාරී කටයුතු නිරීක්ෂණය කිරීමට එක්ව ඇති අතර ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ලබා දෙන්නා වූ සේවාවන් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් දීර්ඝ වශයෙන් විමසීමක් ද කළ බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඩුබායි වෙත රැකියා සඳහා සංචාරක වීසා මගින් ගොස් සිටින පිරිස මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විශේෂයෙන් ම විමසීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

එසේ ම මේ වන විට නවතා ඇති ස්වයං ලියාපදිංචිය නැවත ලබා දෙන්නේ නම් ඒ කුමන කොන්දේසීන්ට යටත්ව ද යන්නත්, ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන කවරේද යන්නත්, සාකච්ඡාවට ලක්වුණා.

මේ වන විට ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් සහ කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අමාත්‍යවරයා, එහි දී බිම් මට්ටමේ සිට අදහස් හා යෝජනා විමසීමටත්, ඒ අනුව ඉදිරියේ දී ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීන්දු තීරණ සාකච්ඡා කිරීමට සහ ඒවා වැඩිදුර ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා.

තානාපති නිලධාරීන් අමාත්‍යවරයාගන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසා සිටියේ රැකියා සඳහා සංචාරක වීසා මගින් පැමිණිමෙන් අනතුරු ව මුහුණ දීමට සිදුවන ගැටලු සහ දුෂ්කරතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර අනවබෝධය සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීම නිසා බැංකු ක්‍රමය හරහා විධිමත් ලෙස මෙරටට මුදල් ප්‍රේෂණය කිරීම අධෛර්යමත් වී ඇති බවත්, නීත්‍යනුකූල ක්‍රමවේදය තුළ පමණක් රටට මුදල් ප්‍රේෂණය කරන ලෙස අඛණ්ඩව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඩුබායිහි මෙරට බැංකු නියෝජිතයන් අමාත්‍ය මනුෂ නානායක්කාර හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ඩුබායි නිල සංචාරය අතරතුර විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යනුකූල බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි හි මෙරට බැංකුවල නියෝජිතයන් හා කළ සාකච්ඡාවේ දී යි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බැංකු පද්ධතිය හරහා මෙරටට ඒම අඩුවීමට බලපා ඇති හේතු සහ මාසික ව ඩොලර් බිලියන එකක විදෙස් ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අමාත්‍යවරයා විසින් ඩුබායි හි මෙරට බැංකු නියෝජිතයක් හා කළ සාකච්ඡාවේ දී ඔවුන් මෙම අනාවරණය කර තිබෙනවා.

එහි දී නීත්‍යනුකූල ක්‍රමවේදයන්ට මුදල් ප්‍රේෂණ නොකිරීමට බල පා ඇති බිම් මට්ටමේ හේතු මොනවාද යන්න පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, අනවබෝධය සහ වැරදි තොරතුරු ප්‍රචාරය අවම කිරීමට අඛණ්ඩ සහ කඩිනම් දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියක අවශ්‍යතාවත්, ඒ සඳහා ඩුබායිහි ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ සියලු ම බැංකුවල සහාය ලබා ගැනීමටත් සාකච්ඡාවට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03