නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කහ තොගයක් අත්අඩංගුවට

යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 989ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් වෙරළ බඩ මුර යාත්‍රාවන් යොදවා ඊයේ (19) රාත්‍රියේ යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 14ක අසුරන ලද වියලි කහ කිලෝ 496 ග්‍රෑම් 054ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් මුහුදට දමන ලද කිලෝ 48 ග්‍රෑම් 030ක පමණ බරින් යුත් වියළි කහ උරයක් ද එහිදී, නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය විසින් ඊයේ රාත්‍රියේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ තවත් සෝදිසි මෙහෙයුමකදී ද කහ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 445 ග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ත් 51 ත් අතර, වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා , වියලි කහ කිලෝ 989 ග්‍රෑම් 884ක තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25