බොරැල්ලේ පුද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු පොලිස් දැලේ

මුදල් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය, ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 32ක් වන මොහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෙම ජාවාරමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම මොවුන් විසින් සිදුකර ඇති බව සඳහන්.

එම සැකකරුවන් රාජගිරිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?