බොරැල්ලේ පුද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු පොලිස් දැලේ

මුදල් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය, ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 32ක් වන මොහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෙම ජාවාරමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම මොවුන් විසින් සිදුකර ඇති බව සඳහන්.

එම සැකකරුවන් රාජගිරිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23