AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර රැඳවියන් 75 ක් මරුට

ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක රැදවියන් රැඳවියන් 75 දෙනකු පමණ මියගොස් තිබෙනවා මෙලෙස මිය ගොස් ඇත්තේ ඒ තුල එකවර ඇතිවූ ගැටුම් හේතුවෙන්.

බන්ධනාගාර නිලධාරීහු පවසන්නේ ක්වෙන්කා හි බන්ධනාගාරයක සිරකරුවන් 33 ක් ගුවායාකිල්හි 21 දෙනකු සහ ලතාකුන්ගාහි 08 දෙනකු මෙලෙස ඝාතනය වී තිබෙනවා. තවත් සිරකරුවන් 13 දෙනකු මියගොස් ඇති බවයි. මෙම සිද්දියෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකුද තුවාල ලබා ඇති බවට වාර්තා පලවී ඇති නමුත් මියගිය සියල්ලන්ම බන්ධනාගාර රැඳවියන් බව ද සඳහන්. මෙය මෑත ඉතිහාසයේ ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ සිදුවූ දරුණුතම සිදුවීමයි.

කැරළි ඇතිවී තිබෙන මෙම බන්ධනාගාර තුනේ ඉක්වදෝරයේ රැඳවියන්ගෙන් 70% ක් සිටින බව බලධාරීහු සඳහන් කරන්නේ. මෙම සටන් මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් පුවත් අනාවරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?