ඉරාන ද්විත්ව පුරවැසියෙකු එල්ලා මරා දමයි

බ්‍රිතාන්‍ය ඉරාන ද්විත්ව පුරවැසියෙකු වන අලිරේසා අක්බාරි ඉරානයේදී මරණීය දණ්ඩනයට ලක්ව තිබෙනවා.

හිටපු නියෝජ්‍ය ඉරාන ආරක්ෂක අමාත්‍යවරක් වන අලිරේසා අක්බාරි 2019 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් රාජධානිය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මතයි.

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් පැවසුවේ මෙම මරණ දණ්ඩනය ම්ලේච්ඡ පාලනයක් විසින් සිදු කරන ලද අශික්ෂිත සහ බියගුලු ක්‍රියාවක් බවයි.

ඉරානයේ පාලකයන් ඔවුන්ගේම ජනතාවගේ මානව හිමිකම්වලට ගරු නොකරන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක වූ දිනය පිළිබඳ සඳහන් නොකර Alireza Akbari එල්ලා මරා දැමූ බව ඉරාන අධිකරණයේ නිල ප්‍රවෘත්ති මාධ්‍ය අද වාර්තා කළා.

බීබීසී ආයතනය පසුගියදා අක්බාරිගේ හඬ පටයක් විකාශය කළ අතර, එමගින් ඔහු හෙළිකර ඇත්තේ තමාට වධ හිංසා පමුණුවා ඇති බවත්, තමා නොකළ අපරාධ ගැන කැමරාවක් ඉදිරියේ පාපොච්චාරණය කිරීමට බල කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58