AFC Banner
Empty Ad
Empty Ad

ඉතිහාසයේ පළමු බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය හෙට දකුණු අප්‍රිකාවේදී ආරම්භ වනවා.

T20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ බෙනෝනිහිදී තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක සහභාගිවයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය හෙටින් ආරම්භ වී ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර සමස්ථ තරගාවලිය තරග 41 කින් සමන්විත වනවා.

‘A’, ‘B’, ‘C’ සහ ‘D’ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙහි මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකාව ‘A’ කාණ්ඩය යටතේයි තරග වදින්නේ.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හැරුණු විට බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිනවා.

එංගලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, රුවන්ඩා, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර්, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක දකුණු අප්‍රිකාව තරගාවලිය නියෝජනය කරනු ලබන සෙසු රටවල්.

විශ්මි ගුණරත්නගේ නායකත්වය යටතේ අභිනව ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

මූලික තරග වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු දිනා ගන්නා කණ්ඩායම් 3 සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට සහභාගී වන බැවින් දෙවැනි වටයට පිවිසීම සදහා එක් තරගයක ජයග්‍රහණය පමණක් රටකට ප්‍රමාණවත්.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය කාණ්ඩයකට කණ්ඩායම් 6ක් වන සේ දෙකට බෙදා තරග පවත්වනු ලබන අතර එහි පළමු ස්ථාන දෙකට පත්වන කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

ප්‍රධාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි පුහුණු තරග 2 දී ඉතා සාර්ථක වු ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් පසු වනවා. ‌

පැවැති තරග වලදී ශ්‍රී ලංකා පිලේ දැවැන්තම ශක්තිය ලෙසින් හඳුනාගෙන ඇත්තේ දඟ පන්දු යැවීමයි. ‌ඒ අතර දෙව්මි විහංගා සහ විදුෂිකා පෙරේරා ඉදිරියෙන් සිටින පන්දු යවන්නියන් වනවා. ඒ අතරින් දකුණත් පිට දඟ පන්දු යවන දෙව්මි විහංගා විසින් ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණා.

වමතින් දඟ පන්දු යවන විදුශිකා සහ දෙව්මි දෙදෙනා එම තරග 2 දී දවා ගන්නා ලද කඩුලු 20 න් 13 ක්ම තමන් සතු කර ගැනීමට සමත්ව සිටීම කැපී පෙනෙන අතර නෙත්මි සේනාරත්න අර්ධ ශතකයක් වාර්තා කිරීම පිතිකරණයෙන් කැපී පෙනෙන සිදුවීමක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති එම තරගයේදී නෙත්මි දස්කම් දක්වද්දී ස්කොට්ලන්තයට එරෙහි තරගයේදී නායිකා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39ක් ලබා ගැනීමට සමත්වූණා. ඊට මතරව මනුදි නානායක්කාරද ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක්.

ශ්‍රී ලංකා බාලිකා පිල – විශ්මි ගුණරත්න (නායිකා), දහමි සෙනෙත්මා, උමායා රත්නායක, රශ්මි නේත්‍රාංජලී, රශ්මික සෙව්වන්දි, දෙව්මි විහංගා, මනුදි නානායක්කාර, සුමුදු නිසංසලා, පමෝදා ශයිනි, විදුශිකා පෙරේරා, දුලංගා දිසානායක, රිස්මි සංජලා, නෙත්මි සේනාරත්න, හරිනි පෙරේරා, විහාරා සෙව්වන්දි.

ශ්‍රී ලංකා‌ව මූලික වටයේ තරග වදිනු ලබ දින සහ රටවල්.

ජනවාරි 14 – ඇමරිකා එක්සත් ජනපදය සමඟ

ජනවාරි 16 – බංග්ලාදේශය සමඟ

ජනවාරි 18 – ඔස්ට්‍රේලියාව සමඟ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?